බස්නාහිර පළාතෙන් පිටවන හා පළාතට ඇතුළුවන ස්ථාන 12කදී සෞඛ්‍ය අංශ, පොලීිසිය හා ත්‍රිවිධ හමුදාව එක්ව අද මධ්‍යාහ්න 12 සිට විශේෂ පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
කොවිඩ් රෝගය පළාත් අතර පැතිරීම වැළැක්වීම වෙනුවෙන් මෙම පරීක්ෂණ සිදුකරන බවද ඔහු පැවැසීය.
කොච්චිකඩේ තෝප්පුව පාලම,
කොටදෙනියාව බඩල්ගම පාලම,
නිට්ටඹුව හැලගල හංදිය,
මීරිගම ගිරිඋල්ල පාලම,
දොම්පේ සමනබැද්ද පාලම,
හංවැල්ල වනහගොඩ පාලම,
අලුත්ගම බෙන්තර පාලම,
තිනියාවල තිනියාවල හංදිය,
ඉංගිරිය කැටකැදල්ල පාලම,
බදුරුලිය අලවාන සමන් දේවාලය අසළ,
මීගහදූව ගොරකදූව අවිත්තාව පාලම,
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව
යන ස්ථානවල මෙම ස්ථානවල පරීක්ෂාවන් සිඳුකරන බවත් බස්නාහිර පළාතෙන් පිටවන හා පැමිණෙන පුද්ගලයින් අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමුකරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.