පෞද්ගලික බස් රථයක් සහ ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් අද උදැසන සිදු වු රිය අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් එක් අයෙක් බරපතල තුවාල ලබා ගිනිගත්හේන ප්රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව තුවාලකරුවන් දෙදෙනාගේ තත්ත්වය බරපතල නිසා තුවාලකරුවන් නාවලපිටිය දිස්ත්රික් මහ රෝහල වෙත මාරු කර යැවු බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා පැවසිය.
මෙම අනතුර සිදු වි ඇත්තේ අද (11) දින උදැසන 7.30 ට පමණ හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්රදේශයේදිය.
මහනුවර සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් සහ හැටන් සිට කොළඹ දක්වා ධාවනය වු වෑන් රථයකුයි මෙසේ අනතුරට පත් වි ඇත්තේ.
අධික වේගයෙන් ධාවනය වි ඇති වෑන් රථය ලිස්සාගොස් ප්රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු පෞද්ගලික බස් රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුරෙන් වෑන් රථය තුල රියදුරා සහ ඉදිරිපස අසුනේ සිටි තවත් අයෙකු සිර වි සිටි බවත්, බස් රථයේ ගමන් ගත් මගින් විසින් දැඩි පරිශ්රමයක් දරා වෑන් රථයේ දොර විවෘත කර තුවාලකරුවන් රෝහල වෙත යොමු කර ඇත.
අනතුරෙන් බස් රථයට සහ වෑන් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවත්, ප්රදේශයේ පවතින වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්රධාන මාර්ගය ලිස්සන සුළු බැවින් එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.