රුපියල් 10කින් ඩීසල් මිල අඩු කළද බස් ගාස්තු මිල අඩු නොවන බව ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
අද(01දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“බස් ගාස්තු සම්බන්ධයෙන් වෙනසක් සිදුවන්නේ නෑ. මොකද අපි වසර ගණනාවක් පුරාම මිල සූත්‍රයක් යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ මූලධර්මයන් මත. මේ මිල සූත්‍රය අනුව 04% ප්‍රතිශතයට ඇවිල්ලා නෑ මේ රු.10 වෙනස්වීම. ඒ අනුව මෙවර බස් ගාස්තු සංශෝධනයට ලක්වෙන්නේ නෑ. ”