(UPDATE) නාවුල සිදුවූ අනතුරින් ළමයෙකු හා කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් 40ක් පමණ තුවාල ලබා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
දඹුල්ල - මාතලේ මාර්ගයේ නාලන්දේ පාසල ආසන්නයේදී දඹුල්ල දෙස සිට මාතලේ දෙසට ධාවනය වූ ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසක් රැගත් පුද්ගලික බස් රථයක් හා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි පුද්ගලික බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුරින් තුවාල ලැබූ අවුරුදු 11ක් වන පමණ පිරිමි ළමයෙකු මියගොස් ඇති අතර තවත් 23ක් තුවාල ලබා තිබේ. ඔවුන් නාලන්දේ, මාතලේ හා දඹුල්ල රෝහල්වලට ඇතුළත් කර තිබේ.






එස් කරුණාරත්න, නාඋල ඉන්දික අරුණ