තමන්ට බලය ලැබුණු දිනක රටේ නීතිය හා ආරක්ෂාව පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෛත්‍රීපාල සිරිසේන මහතාට උගන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂය විසින් ෆීල්ඩ් මාර්ෂල් තනතුර තමන්ට ලබා දෙන බවට පාර්ලිමේන්තුවේ දී ලබා දුන් පොරොන්දුව මත හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් තමන්ට එය ලබා දුන් බවත් එම තනතුර ජනාධිපතිවරණ පොරොන්දුවක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
කවදා හෝ තමන්ට බලය ලැබුනොත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කටයුතු කල යුතු ආකාරයත් නීතිය හා ආරක්ෂාව පිළිබඳවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට උගන්නන බවද මන්ත්‍රීවරයා කීය.
ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (23දා) වැලිඔය ප්‍රදේශයේ දී පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
"රටේ ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු සියලු ක්ෂේත්‍ර බිඳවැටී ජනතාවට තුන්වේලට ආහාර සපයා ගැනීමට නොහැකි තත්වයක් මේ වන විට උදාවී තිබෙනවා. දෙස් විදෙස් අධ්‍යාපනය ලැබූ විද්වතුන් රට තුල සිටියද මෙරට දූෂණය පවතිනතාක් ආර්ථික විශේෂඥයින්ට මේ රට ගොඩ ගැනීමට නොහැකියි.
මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව ඉදිරියට යෑමට පවතින බිය හේතුවෙන් වත්මන් රජය විසින් මැතිවරණ කල් දමමින්, රටේ සම්පත් විකුණමින් සිටිනවා.
මෙරට සිටින දේශපාලනඥයින්ගෙන් 50%ක් දූෂිතයි. තවත් 35% ක් පමණ දෙනා ප්රභූවරුවීමේ මානසිකත්වයෙන් සිටිනවා. බුද්ධිමත් සහ රටට ආදරය කරන 15% ක් පමණ දේශපාලනඥයන් පිරිසක්ද සිටිනවා.
ශ්‍රී විභූතියක්ව පැවති ශ්‍රී ලංකාව මේ වන විට සංවර්ධනය නොකළ ගරා වැටුණු පැරණි වලව්වක් බවට පත්වෙලා. එය නැවත සංවර්ධනය කිරීමට නම් නිර්භීත නායකත්වයක් අවශ්‍ය වෙනවා."