සහනදායි බදු පදනම මත වාහන ආනයනය කරන පුද්ගලයන්ගේ මෙන්ම ආයෝජන මණ්ඩලයේ බදු සහන බදු විරාම ලබාගන්නා ආයතනවන ලේඛනය ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අද (22දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
“එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය අනුව දූෂණය මැඩලීමේ නීති සම්පාදනය කරනවා. අහිමි වූ වත්කම් යළි ලබාගැනීමේ ප්‍රතිපාදන 2024 මාර්තු වන විට ව්‍යවස්ථාදායක රාමුවට ඇතුළත් කිරීමට කටයුතු කරනවා. නම රාජ්‍ය මුදල් කළමනාකාරිත්ව පනතක් කෙටුම්පත් කරනවා.
සහනදායි බදු පදනම මත වාහන ආයනය කිරීමේ බලපත්‍ර ලබාගත් පුද්ගලයන්, ආයෝජන මණ්ඩලයේ බදු සහන බදු විරාම ලබා ගන්නා ආයතන වල ලේඛණය ජනතාවගේ දැන ගැනීම වෙනුවෙන් ප්‍රසිද්ධ කරනවා.
එසේම විශාල ප්‍රමාණයේ රාජ්‍ය ප්‍රසම්පාදන කොන්ත්‍රාත් පිළිබඳ විස්තර ප්‍රසිද්ධ කරනවා.”