අහුන්ගල්ල , ලෝකන්වත්ත, පදේශයේ නිවසක සිටි පුද්ගලයකුට ඊයේ(8) රෑ අටට පමණ යතුරුපැදියකින් පැමිණ ඇති නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කොට ඇති බව අහුන්ගල්ල පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අහුන්ගල්ල ලෝකන්වත්ත පදිංචි හැටහතර හැවිරිදි කළුහත් කීර්තිසේන ආබ්‍රෙව් නැමැති කුරුදු කර්මාන්තයේ යෙදෙන්නෙක් බවද පොලීසිය කියයි.
මිය ගිය තැනැත්තා සංවිධානාත්මක අපරාදකරුවකු හා පබල මත් දවය ජාවාරම්කරුවකු වන දැනට විදෙශතව සිටින කලුහත් නදීෂ් කුමාර ආබ්‍රෙව් නොහොත් බබා යන අයගේ පියා බවද පොලීසිය කියයි.
නාදුනන තුවක්කුකරුවන් මේ වෙඩි තැබීම සිදු කොට යතුරු පැදියෙන් පලා යමින් සිටියදී මේ වෙඩි තැබීම සිදු කළ නිවස ආසන්නයේම් පිහිටි මරණකරුගේ පුතකු වන සංවිධ්ණාත්මක අපරාකරුවකු හා පබල මත් දවය ජාවාරම්කරුවකු වන දැනට විදේශගතව සිටින කළුහත් මධූෂාන් කුමාර ආබ්‍රෙව් නොහොත් ඩුබායි ආබ්‍රෙව් නැමැත්තාගේ නිවස ඉදිරිපිට ගේට්ටුවට ද වෙඩි තබා ඇති බව ද පොලීසිය කියයි.මේ වෙඩි තැබීමෙන් එම නිවැසියන්ට අනතුරක් සිදුව නැති බවත් වෙඩි වැදීමෙන් එම් නිවසේ ගේට්ටුවට හානි සිදුව ඇති බවත් පොලීසිය කියයි.
ගිය වසරේ අප්‍රේල් මස 14 වැනිදා රෑ අහුන්ගල්ලේදී ධීවර වයාපාරිකයෙකු ඝාතනය කිරීමේ පලිය ගැනීමට ඔහුගේ පාර්ශවයෙන් මේ වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි ද පොලීසිය කියයි.
මේ වසරේ අප්‍රේල් මස 14 වැනිදා ඊයේ(8) රෑ වෙඩි තැබූ නිවසට යන මාර්ගයේ යතුරු පැදියකින් පැමිණි නාදුනන තරුණයින් දෙදෙනෙකු ගැවසෙනු දුටු අහුන්ගල්ල පොලීසියට අනුයුත්තව සේවය කරන බුද්ධි අංශයේ පොලිස් නිලධාරියෙකුගේ විමසිලිමත් භාවය නිසා එදා මේ වෙඩි තැබීම වැළකී ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණයවූ බවත් එදින එම පොලිස් නිලධාරියා සැකකටයුතු තරුණයින් දෙදෙනා පරීක්ෂා කිරීමට සූදානම්වූ අවස්ථාවේදී ඔවුන් දෙදෙනා පැමිණි යතුරු පැදියද දමා පලා ගිය බවද පොලීසිය කියයි.
එදිනද වෙඩික්කරුවන් එන්නට ඇත්තේ එකට එක කර පලිගැනීමට අවුරුදු දාම සිය පලිය ගන්නට වන්නට ඇති බව ද පොලීසිය කියයි.
අහුන්ගල්ලේ මත් කුඩු ජාවාරමේ බලය සියතට ගැනීමේ අරමුණ ඇතිව අහුන්ගලේ දෙපාර්ශවයක් අතර පවතින ආරවුලක් මේ මරා ගැනීමට හේතුව විය හැකි බවට පොලීසිය සැකකරයි.
අහුන්ගල්ල ලෝකන්වත්ත පදේශයේ ඊයේ(8) වෙඩි තැබීම සදහා නාදුනන වෙඩික්කරුවන් භාවිතා කොට ඇත්තේ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් බවත් වෙඩි වැදී මිය ගිය පුද්ගලයා ඒ අවස්ථාවේදී සිය නිවසේ රූපවාහිනිය නරඹමින් සිට ඇති බවත් නාදුනන වෙඩික්කරුවන් ඔහුගේ හිසට වෙඩි කිහිපයක් එල්ල කොට පලා ගොස් ඇති බවත් පොලීසිය කියයි.
වෙඩ් වැදුණු පුද්ගලයා නිවැසියන් වාහනයකින් බලපිටිය මූලික් රෝහලට රැගෙන යාමට කටයුතු කර ඇති අතර රෝහලට රැගෙන යනවිටත් ඔහු මිය ගොස් තිබූ බව ද පොලීසිය කියයි. (IJ)
එම්.සුසිල් ප්‍රියන්ත