මෙරට බන්ධනාගාර තුළ සිටින ඇති ඉඩ ප්‍රමාණයට රඳවා තබා ගත හැකි රැඳවියන්ට ප්‍රමාණය 11000ක් වුවත් මේ වන විට රැඳවියන් 29 800ක් රඳවා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව බන්ධනාගාරවල රැඳවිය හැකි රැඳවියන් සංඛ්‍යාව දහඅට දාහකින් පමණ ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කර යි.
බන්ධනාගාර තුළ ඇති මෙම ඉඩකඩ තදබදය නිසා බොහෝ බන්ධනාගාර තුළ රැඳී සිටින සිරකරුවන් මුර ක්‍රමයට නිදා ගැනීමට පෙළඹී ඇති බවද වාර්තා වෙයි.
මෙම තද බදයට විකල්ප ලෙස කොළඹ බන්ධනාගාරවල සිටින ඇතැම් රැඳවියන් හොරණ ප්‍රදේශයට රැගෙන ගිය බවත් අච්චු ලැබූ රැඳවියන් පල්ලසේන කඳවුර සඳහා රැගෙන ගොස් ඇති බවත් මේ පිළිබඳව කළ විමසීමකදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මේ අනුව කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 670 ක් පමණ රැඳවිය හැකි අතර එහි දැනට රැඳවියන් 2000කට අධික සංඛ්‍යාවක් සිටින බව බන්ධනාගාර මුලස්ථානය සඳහන් කරයි. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ රැඳවියන් 300ක් රැඳවිය හැකි අතර එහි රැඳවියන් 2000 කට අධික ප්‍රමාණයක් සිටිති.
මහර බන්ධනාගාර තුළ රඳවියන් 670 ක් ට ඉඩ පහසුකම් තිබුණද එහි රැඳවියන් 2500 ක් අධික සංඛ්‍යාවක් සිටින බව වාර්තාවේ. ගාල්ල බන්ධනාගාරයේදීද රැඳවියන් 270 ඉඩ පහසුකම් තිබුණද එහි රඳවියන් 1100ක් සිටින බව ගාල්ල බන්ධනාගාරය සඳහන් කරයි.
කමල් ශ්‍රී ලියනගේ