සිරකරුවන් සහ සැකකරුවන් එක් ලක්ෂ අසූපන්දහස් පනස්හයදෙනෙක් (185,056) (2019 ජනවාරි සිට 2023 දෙසැම්බර් දක්වා) බන්ධනාගාරගත වී ඇති බව 2023ට අදාළව විගණන වාර්තාවක සඳහන් වේ.ඒ අය අතුරින් 46,939ක ප්‍රමාණයක් සිරකරුවන් වන අතර138,117දෙනෙකු සැකකරුවන් වේ.
බන්ධනාගාරගත කෙරූ පුද්ගලයන්ගෙන් 74%ක් සැකකරුවන් බවද මෙම වාර්තාවේ සඳහන්වේ. නොවිසඳී ඇති නඩු ප්‍රමාණය රජය මගින් කල් දැමීම සහ රජයේ රස පරීක්ෂණ වාර්තාවල ප්‍රමාදය මාස 06කට වැඩි කාලයක් දක්වා කල්ගතවීම, ඇපදීමේ පනත නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා බන්ධනාගාරගත වන සැකකරුවන් සංඛ්‍යාව දිනපතා ඉහළ යාම සිදුවන බවද නිගමනය මගින් නිකුත් කරන ලද වාර්තාවේ සඳහන්වේ.
සැකකරුවන් විශාල වශයෙන් බන්ධනාගාරගත වීම නිසා 14%ක් පමණ තදබදයක් පවතින බවද එම විගණනය මගින් නිකුත් කරන ලද වාර්තාවේ සඳහන්වේ.
චන්දන සමරවික්‍රම