කළුතර බන්ධනාගාරයේ රදවාසිටී තරුණ රැඳවියෙකු හදිසියේ අසනීපව මියගොස් ඇති බව පොලිසිය සදහන් කරයි. මෙසේ මියගොස් ඇත්තේ මතුගම , බෝපිටිය ප්රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
මියගොස් ඇති තැනැත්තා මත්කුඩු නඩුවක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිට ඇති අතර, හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර ඇති බවත් එහිදී මියගොස් ඇති බවත් බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.
මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා නාගොඩ ශීක්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
පානදුර සුමිත් පොතුපිටිය