බන්ධනාගාර නිලධාරීන්ට පොලිස් නිලධාරීන්ට සමගාමීව දීමනා වැඩි කිරීමට අධිකරණ,බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එකඟතාව පළකර තිබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අදාළ දීමනා ලබා දෙන තෙක් රු.15000ක දීමනාවක් ලබා දීමට ලබන සතියේදී කැබිනට් පත්‍රිකාවක් යොමු කිරීමට පියවර ගෙන තිබෙන බවද එම දෙපාර්තමේන්තුව අද (20දා) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
බන්ධනාගාර නිලධාරීන්ට වෘත්තීය ක්‍රියා මාර්ගවලට යොමු වීමේ නීත්‍යනුකුල අවස්ථාවක් නොමැති බවත්, ආයතන කිහිපයක නිලධාරීන් ඊයේ අධිකරණ කටයුතුවලින් වැළකී සිටීමට කටයුතු කර තිබෙන බවත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.
බන්ධනාගාරවල අහ්‍යන්තර කටයුතුවලට හෝ ආරක්ෂාවට මෙමගින් බාධාවක් සිදුවී නොමැති බවත්, සියලුම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබෙන නිසා සියලු දෙනාම සේවයට වාර්තා කරන ලෙසට බන්ධනාගර කොමසාරිස් ජනරාල් විසින් නිලධාරීන්ට දන්වා තිබෙන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
බන්ධනාගාර නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීම පිළිබඳව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ සිය අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන බවත්, එහිදී බන්ධනාගාර නිලධාරීන්ගේ දීමනා සම්බන්ධයෙන් පූර්ණ සමාලෝචනයක් සිදුකර තිබෙන බවත් එමගින් පෙන්වා දී ඇත.