බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මාසයේ දින 31ක් තුළ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් අවස්ථා 233 කදි බන්ධනාගාර නිලධාරින්ගේ නිවාස පරිශ්‍රයන් තුළ සේවයේ යොදවා තිබු අතර මේ සදහා බන්ධනාගාර නියාමක නිලධාරින්ගේ මිනිස් දින 234ක කාලයක් වැයකොට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
මෙම කාලය තුළ බන්ධනාගාර නිලධාරින්ගේ නිවාස ආශ්රිත පරිශ්‍රයන් වෙත සිරකරුවන් රැගෙන යාම සදහා අවස්ථා 62කදි බන්ධනාගාර මුලස්ථානයේ සංචිත වාහන 09ක් කිලෝමිටර් 372ක් ධාවනයකර තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
එමෙන්ම අයවැය චක්‍ර ලේඛ මගින් අතිකාල වියදම් ද දැඩිලෙස පාලනය කිරිම අත්‍යවශ්‍ය අවධාරණය කරතිබුනද 2023 වර්ෂයේ අතිකාල හා නිවාඩු දිමනා වශයෙන් රුපියල් මිලියන 982ක් වැයකර තිබුණි. ඒ අනුව 2022 වර්ෂයට සාපේක්ෂව අතිකාල හා නිවාඩු දිමනාව 2023 වර්ෂයේ දි රුපියල් මිලියන 106කින් වැඩිවි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සදහන් කොට ඇත්තේ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම්ගේ ලිපිය මගින් නිලධාරින් විසින් උපයනු ලබන මුළු අතිකාල ප්‍රමාණය පැය 200ක් සදහා ලබාදුන් අනුමැතිය නිසා අතිකාල දිමනා මුදල වැඩිවි ඇති බවය.
බන්ධනාගාර දෛනිකව සුද්ධ පවිත්‍ර කටයුතු සිදුකළ යුතු බැවින් සිරකරුවන් යොදවා බන්ධනාගාර පරිශ්‍රයන් සුද්ධ පවිත්‍ර කිරිම අත්‍යවශ්‍ය නොවන කාරණයක් ලෙස බැහැර කරලිය නොහැකි බවද ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විගණනයට සදහන් කොට ඇත. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළුත්ව ඇත.
ජිනේෂ් නානායක්කාර / චන්දන සමරවික්‍රම