ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තමන් ත்ග නොකරන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (04) ප්‍රකාශ කළේය.
ඉදිරි වසර කිහිපයේදී තවත් ආචාර්ය උපාධියක් සඳහා ඉගෙනුම් කටයුතු සිදුකරන අතර, සිනමා නිර්මාණයක් කිරීමටත් අදහස් කරමින් සිටින බවද ඒ මහතා පැවැසිය.ග
තමන් වසර විස්සකට වැඩි කාලයක් හෝමාගම මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් තනතුරු ගණනාවක් දරමින් කළ හැකි උපරිමයෙන් ජනතාව වෙනුවෙන් සේවය කළ බවත් ඒ මහතා පැවසීය.