බදුලු ඔයේ මසුන් හිටි හැටියේ මියයාමට පටන් ගෙන මේ දිනවල මසුන් විශාල වශයෙන් බදුලු ඔයේ ජලයේ පාවෙමින් එන බව ජනතාව පවසති.
හාලිඇල උඩුවර 5කනුව, 6 කනුව 7කනුව ප්‍රදේශයේ දී බදුලු ඔයේ කොරලි මත්ස්‍යයින් ඇතුලු මිරිදිය මසුන් විශාල ගනණක් හිටි හැටියේම එක්වරම මෙසේ මියගොස් ඊයේ (12) සිට බදුලු ඔයේ පාවෙමින් ඒමට පටන් ගෙන ඇති බවත් ජනතාව කියති .
දෙමෝදර ජල පිරි පහදු කිරිමේ ජලාශයේ රොන්මඩ තට්ටු පිරිසිරවී තිබූ අතර ජලාශයේ සිරවී ඇති මඩතට්ටු වැලි ඉවත් කිරිමේ කටයුතු ද දැනට මාස කීපයක සිට සිදු වෙමින් පවතින බවත් මේ නිසාවෙන් නිරතුරුවම බදුලු ඔයේ ජල ය බොරව් ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වීවීමෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ජනතාව පැවසූහ .
බදුලු ඔයේ 11දා සිට මියගොස් ජලයේ පාවෙමින් එන දහස් ගණන් මසුන් අල්ලාගෙන ඇතම් ජනතාව ආහාරයට ගන්නා අතර , ඇතමුන් එම මසුන් විකිණීමට පටන් ගෙන තිබේ .බදුලු ඔයේ ජලයට කිසියම් විශක් එකතු වී මෙසේ.මසුන් මියයන බවට සැකකරයි .
කෙසේ වෙතත් ඊයේ 12 මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට බදුලු ඔය අසලට පැමිණ සිටි අතර , මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ විට ඔවුන් සදහන් කලේ මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදු කරන බවත් දැනට කිසිවක් ප්‍රකාශ කිරිම ට නොහැකි බවයි .
ඇල්ල ප්‍රසාද් රුක්මල්