ඇදිරි නීතිය පනවා තිබෙන සමයේ බදුල්ල නගරයේ ආරක්ෂාව තරකිරීම සඳහා අද (28දා) නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව යුදහමුදා නිලධාරීන්ද රාජකාරියේ යෙදවූ බව ඌව පළාත භාර නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ.කරවිට මහතා පැවසීය .
රජය මගින් ඇදිරි නීතිය පනවා තිබියදී විවිධ හේතු පවසමින් විවිධ පුද්ගලයන් බදුල්ල නගරයට පැමිණෙන බවත් , එය කොරෝනා වෛයිරසය පැතිර යාම වැළැක්වීමේ කටයුතු වලට ඉමහත් බාධාවක් වී ඇතැයි හෙතෙම කීය .
බදුල්ල නගරයට ඇතුලු වන ප්‍රධාන මාර්ග වන මහියංගණ පාර ,පස්සර පාර ,බණ්ඩාරවෙල පාර සඳහා මෙසේ බදුල්ල එලදලුව යුදහමුදා කදවුරේ නිලධාරීන් සමඟ බදුල්ල පොලිස් නිලධාරීන් රාජකාරියේ යොදවා තිබෙන බවද ඌව පළාත භාර නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ.කරවිට මහතා වැඩිදුරටත් සදහන් කළේය.
ඇල්ල ප්‍රසාද් රුක්මාල්