පස්සර පොලිස් වසමේ පේරාපදණිය - චෙංකලඩි මාර්ගය (බදුල්ල - බිබිල) මාර්ගයේ කිලෝමිටර් 143 හා 144 කණු අතර ප්‍ර දේශයේ මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනය නවතා දමා තිබුණි.
කෙසේ වෙතත් ඊයේ දින ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ හා මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරුවයා විසින් එම ස්ථානය පරික්ෂා කර ඇත.
ඒ අනුව අද දින උදෑසන 6 30 සිට සවස 6 00 දක්වා එම මාර්ගයේ රථ වාහන ගමනයට අවස්ථාව ලබාදි තිබේ. කෙසේ වෙතත් ඉන් අනතුරුව සවස 6.00 සිට පසුදින 6.00 දක්වා නැවතත් එම මාර්ගයේ රථවාහන ගමනය නතර කිරීමට නියමිතය.
පවතින කාලගුණ තත්ත්වය අනුව රථවාහන ධාවනය කරන කාලසීමාවේ වෙනසක් සිදුවිය හැකි බවත් එම ස්ථානයේ ආරක්ෂාව සඳහා පොලීසිය රාජකාරියේ යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයිත