බදුල්ල කොළඹ රාත්‍රි තැපැල් දුම්රිය බණ්ඩාරවෙල දියතලාව දුම්රිය ස්ථාන අතර දී පිලීපැනිමට ලක් වීමෙන් අඩාලව පැවති උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය අද (6) පෙරවරුවේ සිට සාමාන්‍ය පරදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1016 දරන රාත්‍රි තැපැල් දුම්රියේ එන්ජිම ඊයේ (5) රාත්‍රි බණ්ඩාරවෙල දියතලාව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී පිලීපැනිමට ලක් විය .
මේ නිසාවෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1007 දරන විශේෂ සීඝ්‍රග්‍රාමි දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ නවතා තබා අද (6) උදෑසන බදුල්ල බලා ධාවනය වූ බවත් , පිලිපැනීමට ලක්ව තිබූ අංක 1016 දරන රාත්‍රි තැපැල් දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ සිට අලුයම 5.50 ට කොළඹ කොටුව බලා ධාවනය වූ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය .
බදුල්ල සිට කොළඹ කොටුව බලා අද (6) අලුයම 5.50ට උඩරට මැණිකේ දුම්රිය ගමන් ආරම්භ කළ බවද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය .