සුරාබදු බදු ඉහළ දැමීමත් සමග පසුගිය වසරේ ජනවාරි 01වන දිනෙන් අවසන් වූ වසරක කාලයකට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයෙන් අවසන් වූ වසරක කාලය තුළදී මත්පැන් භාවිතය අඩු වී තිබෙන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි.
පසුගිය වසර තුළදී අවස්ථා දෙකකදී සුරා බදු ඉහළ දමා තිබෙන බවත් මේ අනුව සුරාබදු ආදායම් 38.5෴කින් ඉහළ ගොස් තිබෙන බවද එම ආයතනයේ විධායක අධ්යක්ෂ සම්පත් ද සේරම්මහතා සඳහන් කළේය.
සුරාබදු ආදායම් ඉහළ යාම රජයක් වශයෙන් සුබවාදී බවත් මත්පැන් භාවිතය අඩු වීම හේතුවෙන් මත්පැන් නිසා රෝගී වන ප්‍රමාණය අඩු වී සෞඛ්‍ය වියදම් ප්‍රමාණය අඩු වන බවද පැවසීය.
රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව 2022 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී මත්පැන් ලීටර් හයලක්ෂ පනස් හත්දහසකින් භාවිතය අඩු වී තිබෙන බවද පවසා සිටියේය.
මත්පැන් භාවිතය අඩු වීමත් සමග මත්පැන් පානය කරන පිරිස්වල පවුල්වලට ඇති වී තිබෙන ආර්ථික ගැටලු පවා අඩු වී යන බවත් මීට අමතරව මත්පැන් භාවිතය අඩු වීම තුළින් මත්පැන් නිසා රෝගී වන ප්‍රමාණයත් අඩුවන බවත් සඳහන් කළේය.