බද්දේගම වෙළඳ හා කර්මාන්ත හිමියන්ගේ සංගමය මගින් නගරය හා ප්‍රධාන මාර්ග ඉලක්ක කර සවිකරන ලද ආරක්ෂිත කැමරා පද්ධතිය ඉකුත් 30 දා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.
නගරයට පැමිණෙන වාහන, පිටත්වන ස්ථාන, පැමිණෙන පුද්ගලයන් පිළිබඳ සම්පූර්ණ තොරතුරු මෙමගින් ආවරණය වන අතර වානනවල අංක තහඩුද හඳුනාගත හැකි විශේෂිත ආරක්ෂක මෙවලම් සහිත මෙම කැමරා පද්ධතිය බද්දේගම පොලීසියේ සිට නිරීක්ෂණය කළහැකි පරිදි ස්ථාපිත කර ඇත.
කැමරා පද්ධතිය විවෘත කිරීමේ අවස්ථාවට බද්දේගම සන්දරවල දුටුගැමුණු රජමහා විහාරාධිපති වැලිවිටියේ සුමන නාහිමියන් ප්රමුඛ ප්‍රදේශයේ විහාරස්ථාන රැසක මහා සංඝරත්නය වැඩම කර ආශිර්වාද කළහ.
විවෘත කිරීමේ අවස්ථාවට බද්දේගම සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංක යූ ගමගේ , විශ්‍රාමික පොලිස් අධිකාරී දුල්ශාන් නාගහවත්ත, ඇල්පිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රංදෙනිය, බද්දේගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ජී.පී.ප්‍රියදර්ශන යන මහත්වරු එක්වී සිටියහ.
මෙම අවස්ථාවට බද්දේගම කර්මාන්ත හා වෙළෙඳ හිමියන්ගේ සංගමයේ සභාපති ජනක් ප්‍රියන්ත ඉලේසිංහ , ලේකම් කාන්ති බටුවත්ත යන මහතම මහත්මීන් ප්රමුඛ එහි සාමාජිකයින් හා ප්‍රදේශවාසීහුද සහභාගි වී සිටියහ.
බද්දේගම සරත් ආනන්ද ගමගේ


