බද්දෙගම හරහා ගලා බසින ගිංගගේ ජල මට්ටම පිටාර මට්ටමේ පවතින බැවින් මහා ගංවතුරක් පැමිණිය හැකි හෙයින් බද්දෙගම ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා ගමන් ගන්නා ලෙස් ගාල්ල දිස්තික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.
මේ දිනවල ගාලු දිසාවට නොකඩවා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමහ ගිංගගේ ඉහල ප්රදේශවල ජලය පහලට ගලා ඒමත් සමගම පහළ ප්රදේශවල බද්දේගම ගංවතුරට යටවෙන හෙයින් මේ ඉල්ලීම කරමින් ශාන්ත වීරසිංහ මහතා මේ නිවේදනය නිකුත් කර ඇත.