ප්‍රකෝටිපති ගෞතම් අදානිගේ සභාපතිත්වයෙන් යුත් අදානි වරාය හා විශේෂ ආර්ථික කළාප සමාගම අද නිවේදනය කළේ තම සමාගම ශ්‍රී ලංකාවේ කොළඹ වරාය බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමෙරිකාවේ ණය මුදල් ලබා නොගැනීමට තීරණය කළ බවයි. මේ අනුව අදාළ ව්‍යාපෘතිය වෙනුවෙන් අවශ්‍ය අරමුදල් සමාගම සතු අභ්‍යන්තර මුදල් යොදවන බවද සමාගම නිවේදනය කරයි.
ඇමෙරිකාව විසින් ගෞතම් අදානිට අල්ලස් හා දූෂණ චෝදනා ගොනු කිරීමට විරෝධය දැක්වීමක් ලෙස සමාගම මෙම තීරණය ගෙන තිබේ. ඇමෙරිකානු ණය අරමුදල් යොදා නොගත්තත් බටහිර පර්යන්තයේ ඉදිකිරීම් සාර්ථකව ඉදිරියට ගමන් කරන බවත් ලබන වසරේ මුල් භාගයේදී එම ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවැරීමට කටයුතු කරන බවත් සමාගම නිවේදනය කරයි.
ව්‍යාපෘතිය වෙනුවෙන් අදානි සමූහය"එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවෙන් (DFC) මූල්‍යකරණය සඳහා වූ ඉල්ලීමක් 2023 වසරේදී ඉදිරිපත් කර තිබූණත් මේ වන විට එම ඉල්ලීම ඉවත් කරගත් සමාගම නිවේදනය කරයි.
ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමෙරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 553ක ණයක් ලබාදිමට එකඟ වී තිබුණි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ජෝන් කීල්ස් සමූහය හා අදානි සමූහය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතියේ සියයට 51ක කොටස් හිමිවන්නේ අදානි සමූහයටයි.