බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ කරුණක් වූ බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභා නායක බිමල් රත්නායක මහතා විසින් අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
බිමල් රත්නායක මහතා පවසා සිටියේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් සිදු කිරිමට රජය සැලසුම් කර ඇති බවයි.
බටලන්ද වාර්තාව ගැන කටයුතු කිරීමට ජනාධිපතිතුමා ප්රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත් ඒ අනුව මෙම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට තීරණය කර ඇති බවත් ඔහු පැවැසිය.
ජනපති රනිල් වික්රමසිංහ මහතා හා අල් ජසිරා පුවත් සේවය අතර පැවැති සාකච්ඡාවකදි බටලන්ද කොමිෂන් සභා වාර්තා පිළිබඳව නැවත වරක් අවධානය යොමුවිය.