බලන්ද කොමිෂන් සභා වාර්තාවේ ජනතා විමුක්ති පෙරමුණේ ක්රියා හර අනෙකුත් සියල්ල තමා ප්රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
බටලන්ද කොම්ෂන් සභා වාර්තාව ගැන අද(16දා) විශේෂ ප්රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“1994 න් පසුව චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බටලන්ද ප්රදේශයේ වධකාකාරයක් තිබුණේදැයි සෙවීමට කොමිසමක් දැම්මා.ඊට නොයෙකුත් පුද්ගලයින් කැඳෙව්වා.මා ඊට කැඳෙව්වේ සාක්කිකරුවකු ලෙස පමණයි.
ඒ වන විට මා රටේ විපක්ෂ නායක ලෙස කටයුතු කළා. බටලන්ද කොමිසම පත් කළේ සම්පූර්ණ දේශපාලන මඩ ගැසීම අරමුණු කරගෙනයි. නමුත් ඒ උත්සාහය සාර්ථක වුණේ නැහැ.
වාර්තාවේ තීරණ වල මා සම්බන්ධයෙන් සඳහන් කර තිබෙන්නේ ඇමති හැටියට පොලිස් අධිකාරීවරයා මගින් පොලිස් නිලධාරීන්ට නිවාස දීම නිවැරදි නොවන බවයි. එහි නියම ක්රමවේදය විය යුත්තේ පොලිස්පතිවරයාට නිවාස බාර දී ඒ හරහා අදාල නිලධාරීන්ට පැවරීමයි.
මේ ක්රියාකාරකම නිසා මමත් නලින් දෙල්ගොඩ මහතාත් වක්රාකාරයෙන් වගකිව යුතු බව කොමිෂන් වාර්තාවේ සඳහන් වෙනවා.
කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙනත් කිසිදු කරුණක් මට අදාළ වන්නේ නැහැ.
ජනතා විමුක්ති පෙරමුණ 1988-90 කාලයේ කළ ත්රස්ත්රවාදී ක්රියා රාශියක් ගැන කොමිෂන් වාර්තාවේ තීරණ සමාප්ති නිරීක්ෂණ සමාප්ති නිරීක්ෂණ වල දැක්වෙනවා.එහි පසුබිමත් කියැවෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කළ දරුණු ත්රස්ත ක්රියා ගැන කොමිෂන් වාර්තාවේ තුන්වැනි පරිච්ඡේදයේ දීර්ඝ වශයෙන් කරුණු සඳහන් වනවා.මුළු ඉතිහාසයම එහි ඇතුලත් කර තිබෙනවා.
ඉහත කරුණු ඇරෙන්න අනෙක් කිසිම චෝදනාවක් මට අදාල වන්නේ නැහැ. ඒ වාර්තාව මා සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කරනවා.”