සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් එරට සෞඛ්‍ය අමාත්‍යවරයා හරහා බංගලිදේශ අගමැතිනියගෙන් කළ පෞද්ගලික ඉල්ලීමක් අනුව අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 54 ක් ප්‍රදානයක් ලෙස මෙරටට ලැබීමට නියමිතය.
ඒ අනුව බංගලිදේශ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් ඇමෙරිකානු ඩොලර් 58,307 ක් වටිනා අදාළ ඖෂධ තොගය ඉදිරි සතිය තුළ මෙරටට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. වර්තමානයේ පවතින ඖෂධ හිඟයට විසඳුමක් ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා පෞද්ගලිකවම මැදිහත්වී එරට අගමැතිනියගෙන් කළ මෙම ඉල්ලීමට ඉතා කඩිනමින් සාධනීය ප්‍රතිචාර දක්වමින් එම ඖෂධ තොගය මෙරටට ලැබීමට අවශ්‍ය පියවර ගැනිණි.
එම ඖෂධ අතර පිළිකා , වකුගඩු ඇතුළු මේ මොහොතේ මෙරටට අත්‍යවශ්‍යම ඖෂධ රැසක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.
විශේෂයෙන් සිය ඉල්ලීමට කඩිනමින් ප්‍රතිචාර දක්වමින් මෙම ඖෂධ ප්රදානය සඳහා අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් බංගලිදේශ අගමැතිනියට, සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ එරට රජයට විශේෂ ස්තුතිය පිරිනමන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
මේ අතර මෙය පවතින ඖෂධ හිඟයට යම් විසඳුමක් බවත්, ඉදිරියේදී දිගුකාලීන වැඩපිළිවෙළක් ලෙස ශ්‍රී ලංකාව හා බංගලිදේශ රජයන් අතර රාජ්‍ය මට්ටමේ ඖෂධ සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බවත් එමගින් මෙරටට අවශ්‍ය ඖෂධ ගෙන්වා ගැනීමට හැකිවෙනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම ඉදිරියේ රටතුළ ඖෂධ හිගයක් ඇති නොවීමට අවශ්‍ය කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වැඩපිළිවෙල රැසක් මේ මොහොතේ ගනු ලබමින් සිටින බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.