බංගලාදේශය බංකොලොත්භාවයෙන් මිදීම සඳහා වර්තමානයේ බංගලාදේශය පාලනය කරන නොබෙල් සාම ත්‍යාගලාභී යුනොස් මහතා උපදෙස් ලබාගන්නේ මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්කෝන් මහතා සඳහන් කළේය
දඹුල්ල පහළ වැව ප්‍රදේශයේ ජන හමුවකට එක්වෙමින් ඒ මහතා 04 දින පස්වරුවේ මේ බව සඳහන් කළේය.
මෙරටේ ඇති වූ බරපතල අර්බුදකාරී තත්ත්වය අවස්ථාවේදී රට භාර ගන්නා ලෙස අනුර කුමාර දිසානායක මහතාට විපක්ෂ නායක සජිත් පේමදාස මහතාට මෙන්ම සරත් ෆොන්සේකා මහතාට ආරාධනා කළ ද එම අය භාර නොගන්නා අවස්ථාවක වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගෙන වසර දෙකක් ගත වෙද්දී ලෝකයේ ප්‍රථම වතාවට අර්බුදයට පත් වූ මෙවැනි රටක් යම් මට්ටමකින් ගොඩනැංවීම නිසා කළගුණ සැලකීම සිදුකළ යුතු යැයි ද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් තමන් නායකත්වය පිළිබඳව ඉගෙන ගත් බවත් තවදුරටත් ඔහුගෙන් නායකත්වය පිළිබඳව ඉගෙන ගැනීමට ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.
රටේ බරපතල අර්බුදයන් හට ගත් අවස්ථා වේ ආරාධනා කළ කවුරුන් හෝ රට භාරගෙන මේ තත්ත්වයට පත් කළේ නම් කිසිදු වූ භේදයකින් තොරව සහයෝගය මේ ආකාරයටම ලබා දෙන බවත් වර්තමානයේ තරුණ දේශපාලනඥයන් රට ගැන සිතා මේ ආකාරයෙන් කටයුතු කරන බවද රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය .
නායකයෙකු යනු පැන දිව යන අයකු නොව අභියෝග හමුවේ මුහුණ දෙන අයෙකු බවත් මන් ද නායකත්වය පිළිබඳව වඩාත් ඉගෙන ගැනීම සිදුකළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් බවත් එමෙන්ම තරුණ දේශපාලනඥයන්ටද ද ඒ මහතා වැඩ කොටස් භාරදුන් බව පැවසීය,r