යුරෝපයට පළා යාමේ අදහසින් මෙරටට පැමිණ නීතිවිරෝධී ලෙස රැදී සිටි බංගලදේශ ජාතිකයන් 10 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් 03/24 දින පස්වරුවේ කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයේදි ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් සියලුම දෙනා වයස අවුරුදු 20 ත් - 30 ත් අතර පසුවන බංගලදේශ ජාතික පිරිමි පුද්ගලයන් වන අතර , ඔවුන් බංගලදේශයේ සිට ඉන්දියාව වෙත ගොස් එතැන් සිට ඉකුත් පෙබරවාරි මාසයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ එහිදී සංචාරක වීසා ( On Arrivel Visa ) ලබා ගෙන මෙරටට පැමිණ සිටි අය වූහ .
එසේම මොවුන් අත්අඩංගුවට පත් වන අවස්ථාව වන විට , ඔවුන්ට මෙරට රැදී සිටීමට හිමි වී තිබූ වීසා කාලය ද ඉක්මවා ගොස් තිබුණි .
මොවුන් ශ්‍රී ලංකාවේ සිට ඩුබායි වෙත ගොස් , එතැන් සිට ඊජිප්තුව වෙත ඇතුළු වී , ඉන්පසුව මධ්‍යධරණී මුහුද තරණය කර , යුරෝපය වෙත පිවිසීමට සැළසුම් කර තිබූ බව ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ .
මෙසේ අත් අඩංගුවට ගත් බංගලදේශ ජාතිකයන් පිරිස , යළි ආපසු එරටට පිටුවහල් කරන තෙක් වැළිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තැබීමට , ශ්‍රී ලංකා ආගමන විගමන පනත යටතේ , එම දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පැවරී ඇති බලතල අනුව , එම නිලධාරීන් පියවර ගෙන තිබේ .