පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ සේවාවන් කඩිනමින් ඉටුකර දීම සඳහා වට්ස්ඇප් අංකයක් හඳුන්වා දී තිබෙන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.
මේ අනුව 0707227877 යන අංකයට ජනතාව ඉදිරිපත් කරන තොරතුරු ඇතුළත් ලිපි යොමු කළ හැකි බවද පෙන්වා දෙයි.
කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණ වී තිබෙන්නේ කාර්මික සාමය පවත්වාගෙන යාම හා එය තවදුරටත් ශක්තිමත් කිරීමත්, පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ සේවා ගැටලුවට කඩිනමින් සහන සැලසීමත් බවද පෙන්වා දෙයි.
මේ අනුව මහජනතාවගේ කාලය කළමනාකරණය කර ගැනීමේ පහසුව සඳහා හා කඩිනමින් ප්‍රතිචාර දැක්වීම වර්ධනය කිරීමටත්, නිලධාරීන්ගේ කාලය කළමනාකරණය ගැනීමේ පහසුව සඳහාත් මෙම අංකය හඳුන්වා දී තිබෙන බවද මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.