වෙසක් පෝය යෙදුණු අද (23) දින උදේ 5.00 පමණ සිට දහවල් 3.00 දක්වා පැය දහයකට වැඩි කාලයක් අහුන්ගල්ල, බලපිටිය කොස්ගොඩ, වතුගෙදර ,අලුත්වල බටපොල , මීටියාගොඩ ,අම්බලන්ගොඩ, ප්‍රදේශවල ගම්මාන රැසක දහස් ගණන් ජනතාවට ජලය අත්හිටුවීමෙන් එදින පන්සල් වලට දාන මාන සකස් කර ගැනීමටද දායකයන්ට දැඩි දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුවූ බව ප්‍රදේශවාසීහු පවසති.
මෙම ප්‍රදේශවල න් දින දහවල් සහ රාත්‍රියට සූදානම් කර තිබූ දන්සැල්වල ආහාර සකස් කර ගැනීමට නොහැකිව ඒම සංවිධායකයෝ දැඩි දුෂ්කරතාවලට පත්ව සිටියහ.
ජාතික ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලයේ බද්දේගම පොම්පාගාරයේ සිට යේ මෙම ප්‍රදේශ සඳහා ජලය සැපයීම සිදුකරයි. මෙලෙස නොදන්නා ජලය අත්විටුවීම පිළිබඳව දැනගැනීමට ලියුම්කරු කීපවතාවක් ප්‍රධාන කාර්යාලයට කතා කළද දුරකථනයට කිසිවකු ප්‍රතිචාර නොදැක්විය. එම කාර්යාලයේ සේවය කරන සේවකයෙකුගේ ජංගම දුරකථනයට කතාකොට විමසූ විට ඔහු ප්‍රකාශ කළේ බද්දේගම ජල පොම්පාගාරයේ හදිසි පුපුරා යාමක් සිදුවූ බවයි. එම ප්‍රදේශයේ මේ වනතුරු විදුලිය ඇන සිටීම නිසා එය නැවත සකස් කිරීමමට නොහැකිව සිටින බව ඔහු සඳහන් කළේය
එහෙත් ප්‍රදේශවාසීන් පවසන්නේ පැය හතකට වැඩි කාලයක් ජලය අත්විටුවීමෙන් මිනිසුන්ට අද වැනි වෙසක් පෝය දිනක සිදුවෙන දුෂ්කරතාවය පිළිබඳව මෙම නිලධාරීන්ට අවබෝධයක් නොමැති ද යන්නයි.
වෙසක් පෝය දිනය නිමිත්තෙන් ප්‍රදේශය විහාරස්ථාන සඳහා දායකකාරකාදීන් දානමය කටයුතුවලට බාරගෙන සිටියහ. එම ඇතැම් පිරිස් ජල ටැංකිවල රඳවාගෙන තිබූ ජලය ප්‍රයෝජනයට ගෙන ආහාර පිසූ අතර සමහරුන්ට අවට නිවෙස් වල ළිං කරා ජලය සොයා යෑමට සිදුවිය.
ප්‍රධාන නගර කීපයක් කේන්ද්‍ර ගතවන බද්දේගම, බටපොළ, මීටියාගොඩ, අලුත් වල අම්බලන්ගොඩ ,අහුන්ගල්ල, බළපිටිය කොස්ගොඩ, වතුගෙදර හා තදාසන්න ප්‍රදේශවල පන්සල් දෙසීයකට වඩා තිබෙන අතර එම හැම නිවසකින්ම බුද්ධ පූජා විහාරස්ථාන වලට ගෙන ඒම සිදුකරයි.
වෙසක් පෝය දින මෙලෙස නොදන්නා ජල සැපයීම හේතුවෙන් දාන මාන කටයුතු සකස් කර ගැනීමට ඔවුන්ට දැඩි දුෂ්කරතාවයකට පත්වූ බව ප්‍රකාශ කරති.
අහුන්ගල්ල මිද්දර මුල්ල ප්‍රදේශයේ ඊයේ (22) රාත්‍රී නිවසක උපන්දින සාදයක් පැවති අතර ජල සම්පාදක මණ්ඩලය මෙලෙස හිටිහැටියේ ජල සැපයුම නතර කළ නිසා ඔවුන් ආහාර ගත් ඉඳුල් පිගන් ආදිය ද තව වනතුරු සෝදා ගැනීමට නොහැකි වූ බව අද (23) දහවල් දොළහට පමණ එම නිවැසියෝ ප්‍රකාශ කළහ.
කමල් ශ්‍රී ලියනගේ