මෙතෙක් පොළොන්නරුව ඉතිහාසයේ සිදුකරන ලද විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ඊයේ (10) සිදු කළ බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
වස්ගමුව ජාතික වනෝද්‍යානය ඇතුළේ වගා කළ අක්කර හයක ගංජා හේනක් මෙසේ සොයාගත් බවත් එහි වගා කල අඩි අටට වැඩිය උස ගංජා ගස් තුන් ලක්ෂ 43200 ක් විනාශ කළ බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ජේෂ්ඨ නිලධාරියකු පැවසීය.
බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර මෙහිදී අලෙවි කිරීමට තිබූ ගංජා කිලෝ හැත්තෑ දෙකයි ග්‍රෑම් 700ක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ මාස තුනක පමණ කාලයක සිට මෙම වගාව සිදු කරගෙන ගොස් ඇති අතර මෙම සැකකරුවන් තනමල් විල හම්බෙගමුව සහ මහියංගණය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි මෙසේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අද (11) හිඟුරක් ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.