මෙවර යල කන්නයේ වී වගාව සදහා ලබා දෙන පොහොර සහනාධාරය සම්බන්ධයෙන් කිසිදු වැඩ පිළිවෙළක් පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ගොවී ජනතාවට ප්‍රකාශ කර නොමැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.
පසුගිය මාස් කන්නයට අදාළව ලබා දීමට පොරොන්දු වූ අක්කරයකට රුපියල් 6000ක් බැගින් පොහොර සහනාධාරය සඳහා මුදල සමස්ථ ගොවි ජනතාවටම ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යවරයාට හැකිවී නොමැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උප සභාපති සුසන්ත කුමාර නවරත්න මහතා පැවසීය.
උප සභාපතිවරයා මේ බව කියා සිටියේ අනුරාධපුරේදී මාධ්‍යය වෙත අදහස් දක්වමින්ය.
රනිල් වික්‍රමසිංහ මහතා විසින් ' උරුමය ' නමින් ගොවි ජනතාවට ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩ සටහනක් සිදු කරමින් රටේ ජාතික සම්පත් ඇති ඉඩම් කුණු කොල්ලයට වෙන්දේසි කරමින් පවතින බවත් මෙරට ගොවි ජනතාව ශක්තිමත් කිරීම වෙනුවට රටට අවශ්‍ය ආහාර වර්ග ආනයනය කරමින් විදේශීය ගොවියා ශක්තිමත් කිරීමට වත්මන් රජය කටයුතු කර ඇති බවත් සුසන්ත කුමාර නවරත්න මහතා මෙහිදී වැඩි දුරටත් පැවසීය.