රජය පොරොන්දු වූ පොහොර සහනාධාරය ලබා දෙන ලෙස ඉල්ලා මහවිලච්චිය ප්රදේශයේ ගොවියෙකු අද (30දා) මහවිලච්චිය - පේමඩුව බස් නැවතුම්පොළක වහලයක් මතට නැග විරෝධතාවයක නිරත විය.
මෙසේ විරෝධතාවයක යෙදී සිටියේ විලච්චිය පේමඩුව ප්රදේශයේ ගොවිතැන් කටයුතුවල නිරතව සිටින ආර් . අනුර බණ්ඩාර මහතාය.
කන්න රැස්වීමේ තීන්දු තීරණ මත මෙම ප්රදේශයේ ගොවි ජනතාව වගාව ආරම්භ කළ බවත් ජනාධිපතිවරයා පොරොන්දු වූ පොහොර සහනාධාරය මෙම ප්රදේශවල ජනතාවට නිසියාකාරව මෙතෙක් ලැබී නැති බව ද එම ගොවි මහතා පවසයි .
මෙම පොහොර සානාධාරය සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලබාදෙන තෙක් තමන් මෙම විරෝධතාවය අත් නොහරින බවද පවසන මෙම ගොවි මහතා පවසයි.
