2025 යල කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබාදිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමතිවරය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අනුව 2025 යල කන්නයේ කුඹුරු ඉඩම්වල වී වගා කරනු ලබන ගොවීන් සඳහා සහ කුඹුරු ඉඩම්වල වෙනත් ක්ෂේත්ර භෝග වගා කරනු ලබන ගොවීන් සඳහා පොහොර සහනාධාර රජය විසින් ලබාදෙයි.
ඒ අනුව 2025 යල කන්නයේදී කුඹුරු ඉඩම්වල සිදු කරන වී වගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක් බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර 02ක් සඳහාත් කන්න රැස්වීම්වලදී තීරණය කරනු ලබන කුඹුරු ඉඩම්වල සිදු කරන වෙනත් ක්ෂේත්ර භෝග වගා සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000/-ක් බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර 02ක් සඳහත් පොහොර සහනාධාරය ලබාදිමට නියමිතය.