බක් පුරපසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබුණද අද දිනයේ විහාරස්ථා වලට නොගොස් නිවසේදීම පින් දහම් වල යෙදෙන ලෙස මහා නායක හිමිවරුන් ඇතුළු සංඝරත්නය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පවතින වසංගතය ත්ත්වය හේතුවෙන් ජනතාව එක් රැස්වීම නොකල යුතු බවත් නිවසේ සිට ප්‍රතිපත්ති පූජාවල නිරතවීම ඉතාමත්ම සුදුසු බවද් උන්වසන්සේලා පෙන්වා දෙති.
එමෙන්ම විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ධර්ම වැඩසටහන් විසුරුවා හරින බැවින් ඒවා නරඹන්නට හෝ ශ්‍රවණය කිරිමට කටයුතු කරන ලෙසද මහානායක හිමිවරුන් ජනතාව දැනුම්දේ.
රට මෙන්ම ලෝකයද මුහුණ දී සිටින මෙම වසංගතය ත්ත්වය මර්දනය කිරීමට ස්යොඛ අංශ ලබාදෙන උපදෙස් ඒ අයුරින්ම පිලිපදින් ලෙසද උන්වසන්සේලා ඉල්ලා සිටිති.