එළඹෙන මහ මැතිවරණය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණෙහි නාමයෝජනා අත්සන් තැබීම ආරම්භ කර තිබේ.
ඒ අනුව බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී අද (09දා) මෙම කටයුතු ආරම්භ කරන ලද අතර, හෙට (10දා) සියලු දිස්ත්රික් නියෝජිතයන් මෙම අත්සන් තැබීම් සිදු කරනු ඇත.
මෙම අවස්ථාවට පක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටි අතර, ඉදිරි දේශපාලන අරමුණු සම්බන්ධයෙන් අපේක්ෂකයන් දැනුම්වත් කිරීම එහිදී ඔහු විසින් සිදුකර තිබිණි.