ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරන බව පසුගියදා සඳහන් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා අද (03දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
එහීදි තමා ගත් තීරණය ගැන ප්‍රකාශය මගින් සඳහන් කළ මන්ත්‍රීවරයා පසුව සභාගර්භය මධ්‍යයෙන් විපක්ෂයට පැමිණීමටද කටයුතු කළේය.
මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්ක මහතා ආණ්ඩු පක්ෂයේ සිට සභාගර්භය මධ්‍යයෙන් විපක්ෂයට පැමිණ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කළේය.