නායකයන් බිහි වන්නේ ජනතාව අතරින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (01දා) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළේදී පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවාද යන්න මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.
එහිදී පොදුජන පෙරමුණ තවමත් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂකයෙකු තෝරා ගෙන නොමැති බවද පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා චීනයේ බෙයිජිං නුවර පැවති ෙ'සාමකාමී සහජීවනය පිළිබඳ පස් වැදෑරුම් මූලධර්ම ප්‍රකාශයට පත් කිරීමේ 70වන සංවත්සරය උළෙලට' සහභාගී වීමෙන් අනතුරුව යළිත් ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන්තොටුපොළේදීය. මෙම සංවත්සර උළෙල පසුගිය මස 28 දින චීනයේ බෙයිජිං නුවර මහජන ශාලාවේ පවත්වා තිබුණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා චීන ජනාධිපති ෂී ජින්පින් මැතිතුමා මෙන්ම එරට විදේශ අමාත්‍ය වෑන් යී මැතිතුමා සමගද සාකච්ඡා කළ බවත් එම සාකච්ඡා සාර්ථක බවත් චීන රජය ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරියටත් යහපත් ස්ථාවරයක පසු වන බවත් පැවසීය.