ශ්රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම් රැස්වීමේදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ එම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ගුණතිලක රාජපක්ෂ මහතා අතර ඇතිවූ ගැටුමකදී මන්ත්රී ගුණතිලක රාජපක්ෂ මහතගේ පාදයකට තුවාල සිදුවී කොළඹ යුද හමුදා රෝහලට ඇතුළත් කර ඇත.
මහනුවර ප්රදේශයේ ගැටලුවක් සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කෙරුණු අවස්ථාවේදී මෙම බහින්බස්වීම සිදුවී ඇතැයි පැවසේ.
ගුණතිලක රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමෙන් එළියට එන විට මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඔහුගේ කොළරයෙන් අල්ලාගෙන " උඹ මට කිව්වේ මොකක්ද" යැයි ඇසූ විට ජගත් සමරවික්රම මහතා පැමිණ "ගහන්න එපා" යැයි කියා ගුණතිලක රාජපක්ෂ මහතා පසුපසට අදින විට ඒ දෙදෙනාම ඇද වැටුණු බව අලුත්ගමගේ මහතා පවසයි.
තමා ඔහුට අතක්වත් නොතැබූ බවත් කමීස කොළරයෙන් පමණක් ඇල්ලූ බවත් තමාගේ හැසිරීම් සියල්ල CCTV දර්ශන වල ඇතැයි පහරදීමක් සිදුවී නම් එම දර්ශනවලින් ඔප්පු කර ගැනීමට හැකියාව ඇති බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.
මේ අවස්ථාවේදී මදුර විතානගේ සහ පවිත්රා වන්නිආරච්චි මහත්මිය අතරද උණුසුම් වචන හුවමාරුවක් සිදුවී ඇතැයි දැනගන්නට ඇත.