බේරුවල, පින්හේන ජනපදයේ අසරණ පවුලක් පදිංචිව සිටී නිවසක ඊයේ (23) රාත්‍රි හටගත් ගින්නකින් එම නිවස මුළුමනින්ම ගිනිගෙන අලුවී තිබේ.
කොස් කඩා පාපැදියෙන් නිවෙස් වලට ගොස් අලෙවි කරන එම්.ඩී කසුන් කුමාර, ඔහුගේ බිරිඳ වන දිල්මි මධුරංගි සහ අවුරුදු හතරහමාරක් වයසැති ජනිදු රෂ්මික පුතු සමග ජිවත්වන නිවස මෙසේ ගිනිගෙන තිබේ.
අසල්වාසින් සමග බේරුවල හා අවට ප්‍රදේශවල පොසොන් උත්සවය නිමිත්තෙන් ඉදිකොට ඇති තොරණ නරඹා නිවසට පැමිණෙන අතරවාරයේදී නිවස ගිනිගෙන ඇති බව සදහන් වේ.
ගින්නෙන් ඔවුන්ගේ ඇදුම් පැලදුම්, ගෘහ උපකරන සහ පුංචි පුතුගේ පෙර පාසල් නිළ ඇදුම් සහ පොත්පත් මෙන්ම විනෝදයට පදින කුඩා පාපැදිය අලුවී තිබෙන අයුරු දැකගත හැකිවිය.
දිනපතාම බුදුන් වහන්සේට පහනක් පත්තු කිරීම පුරුද්දක් ලෙස සිදුකරන බවත් එයින් ගින්න පැතිරෙන්නට ඇති බවට සැකපලකරන බවත් පැවසේ.
උප්පැන්න සහතිකයේ පටන් සියලු දැ ගින්නට හසුවි අලුවී ඇදිවත පමණක් ඉතිරිව ඇති ඔවුන්ට උපකාරයක් වන්නට කැමති පරිත්‍යාග ශීලින්ගේ අවධානය සදහා කසුන්ගේ ජංගම දුරකථනය සටහන් කරමි. 076 5788178
පානදුර සුමිත් පොතුපිටිය