ඓතිහාසික මිහින්තලය, තන්තිරිමලය සහ අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන මෙව අනුරාධපුර පොසොන් උත්සවය සදහා පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් වෙනුවෙන් සාමාන්‍ය ප්‍රවාහන සේවාවට අමතරව අතිරේක විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත්ද අල්විස් මහතා පැවසීය.
සභාපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (8දා) දින අනුරාධපුර ලංගම ප්‍රාදේශීය කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
මහව සිට අනුරාධපුරය දක්වා වන දුම්රිය මාර්ගයේ සිදුවන අලුත් වැඩියාව හේතුවෙන් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ට සිදුවන අපහසුතාවය මග හැරීම සඳහා මීට පෙර වර්ෂවලදී පැවති පොසොන් මංගල්‍යය සඳහා යෙදවූ බස් රථ සේවාවට අමතර විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සිදු වන බව සභාපතිවරයා පැවසීය.
ඒ අනුව ගම්පහ සහ කොළඹ ලංගම ප්‍රාදේශිකයන් වලද සහාය ඇතුව මෙවර පොසොන් මංගල්‍යය වෙනුවෙන් අමතර බස්රථ හාරසීයක් යෙදවීමට කටයුතු කරන බවද මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පරිපාලන සහ මෙහෙයුම් වියදම් අවම කර ගැනීම සඳහා පෞද්ගලික අංශයත් සමග කටයුතු කරන බැවින් මෙම ආයතන යටතේ පැවැති කර්මාන්ත ශාලා වෙනත් කටයුතු සඳහා යොදා ගැනීමට කටයුතු කරන බවත් මේ වන විට ලංගම ඩිපෝවල ගාල්කර ඇති ධාවනයෙන් ඉවත් කරන ලද බස් රථ 900 - 1000 ත් අතර ප්‍රමාණයක් පවතින අතර එම බස්රථ ප්‍රවාහන අමාත්‍යවරයාගේ උපදෙස් මත ඉදිරි මාස කීපයකදී වෙන්දේසි කිරීමටත්, ඒ වෙනුවෙන් නව බස්රථ 1000ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත් මෙහිදී සභාපතිවරයා කීය.
2022 වර්ෂය අවසාන වන විට රුපියල් මිලියන හාරසීය අසූ පහක ලාභයක් ද 2023 වර්ෂයේදී රුපියල් මිලියන එක්දහස් අනූ අටක ලාභයක්ද ලංකා ගමනාගමන මණ්ඩලය විසින් උපයා ඇති බවත් එය මෙම වර්ෂයේදී රුපියල් මිලියන දෙදහස දක්වා ඉහළ දැමීම බව ද ඒ මහතා අවධාරණය කළේය.
වර්තමානයේ උද්ගතව ඇති දුම්රිය වැඩ වර්ජනය හමුවේ බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් පිටත් ප්‍රදේශවල සිට කොළඹට පැමිණෙන සේවකයන් වෙනුවෙන් ප්‍රවාහන පහසුවන් සැලසීමට ද ලංගම කටයුතු කර ඇති බවත් ඒ මහතා මෙම අවස්ථාවට අනුරාධපුර , වයඹ හා මහනුවර ප්‍රාදේශිකය ප්‍රධාන කළමනාකාරවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.