රාජ්‍ය අනුග්‍රහය ලබා නොගෙන පවත්වන මෙවර පැවැත්වෙන 2332 වන පොසොන් පිංකම සඳහා ජනතාවගේ දායකත්වය ලබා ගැනීමට මිහින්තලේ නායක හිමියන්, ලෝක රූ රැජිනක්ව සිට පැවිදි දිවියට පත් එලිසබත් සුජාතා භික්ෂුණිය ඇතුළු මහා සංඝරත්නය පෙරේදා (15දා) පිඬුසිඟා වැඩම කළහ.
මෙවර පොසොන් උත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය නොලැබෙන බව පවසමින් ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීම සඳහා ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවා හැංගුණවැවේ ධම්මරතන නායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙලෙස පිඩු සිඟා වැඩියහ.
මෙම පිණ්ඩපාත චාරිකාව සඳහා එක් වූ ආචාර්ය එලිසබෙත් භික්ෂුණීය, පැවිදි දිවියට එළඹීමට පෙර වියට්නාමයේ රෑ රැජිණ ලෙස සිව් වතාවක් කිරුළු දරා , 2006 වසරේදී ලෝක රූ රැජින ලෙස සිට පැවිදි දිවියට පත්ව අනතුරුව ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන සියලු සම්පත් අතහැර පැවිදි දිවියට එක් වූහ.
මෙහිදී අදහස් දැක්වූ එලිසෙබත් සුජාතා භික්ෂුණිය කියා සිටියේ මෙවර පොසොන් උත්සවය සඳහා තමන් ඇතුළු දූත පිරිස මිහින්තලයට වැඩම කළ බවය. තමන් ශ්‍රී ලංකාවට මෙන්ම මෙරට පුරවැසියන්ට වඩා කැමති බවත්, මෙවර පොසොන් උත්සවය සාර්ථක කර ගැනීම සඳහා නාහිමියන්ට උදව් උපකාර කරන බව කීහ.
මෙම පිණ්ඩපාත චාරිකාව සඳහා එක් වෙමින් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති නායක හිමියන් මාධ්‍ය වෙත කියා සිටියේ,
මිහිඳු මහා හිමියන් සමරන පොසොන් පිංකම වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහයක් නොලැබෙන හෙයින් පාත්‍රය සහ සිවුර දරා ගෙන ජනතාව අතරට පිඬු සිඟා වැඩම කොට ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයා ගන්නා බවය. පොසොන් සති පිරිත , ආලෝක පූජාව , මිහිඳු පෙරහැර සමගින් මෙවර ප්‍රථම උත්සවය අති උත්කර්ෂවත් ලෙස පවත්වනු ලබන බවත් ඒ සඳහා සියලු බැතිමතුන්ට මිහින්තලා පුදබිමට පැමිණෙන ලෙසට ආරාධනා කළහ