මේ වසරේ ගත වූ කාලය තුළ පොළොන්නරුව වනජීවී කලාපයේ පමණක් අලි මිනිස් ගැටුම් වලින් මිනිස් ජීවිත 21 ක් සහ වන අලින්ගේ ජීවිත 70 ක් අහිමි වී ඇති බව පොළොන්නරුව වනජීවී කලාප කාර්යාලයේ තොරතුරු සනාථ කරයි.
විදුලි සැර වැදීම්,හක්ක පටස් වලට අලි ගොදුරු වීම, දුම්රියේ ගැටීම, දඩයම් කරුවන්ගේ වෙඩි තැබීම්, ඇතුළු
මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙලෙස වන අලින්ගේ ජීවිත අහිමි වී ඇති බව පොළොන්නරුව කලාප කාර්යාලයේ වනජීවී නිලධාරියකු අප කළ විමසීමකදී සඳහන් කළේය.
වන අලින්ගේ වාසස්ථාන ශුද්ධ පවිත්‍ර කර මහා පරිමාණයෙන් වගාවන් සිදු කිරීම, අනවසරයෙන් රක්ෂිත තුළට ඇතුළුවීමෙන් අලි ප්‍රහාරයට ගොදුරු වීම, වන අලි ගම් වැදීමෙන් ගොවියන් වන අලින්ට ගොදුරුවීම ඇතුළු කරුණු කිහිපයක් වන අලින්ගෙන් මිනිස් ජීවිත විනාශයට හේතු වී ඇති බවද හෙතෙම කීය.
වන අලි ප්‍රහාරවලින් 2023 වසරේ මිනිස් ජීවිත 39 ක් අකාලයේ රටට අහිමි වී ඇති අතර, එම වසරේ වන අලි 104 දෙනෙකු මියගොස් ඇති බවද පොළොන්නරුව වනජීවී කලාප කාර්යාලීය සංඛ්‍යා ලේඛනය තොරතුරු අනාවරණය කරයි.
2017 වර්ෂයේ සිට මේ වසරේ ගත වූ කාලය තුළ පොළොන්නරුව වනජීවී කලාපයේ පමණක් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන අලි 600 දෙනෙකු රටට අහිමි වී ඇති අතර, එම කාලය තුළ වන අලි ප්‍රහාර වලින් මිනිස් ජීවිත 189 ක් අහිමිවී ඇති බවද
පොළොන්නරුව වනජීවී කලාප කාර්යාලීය තොරතුරු වැඩිදුරටත් සනාථ කරයි.
මනම්පිටිය නිමල් ජයරත්න