ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු වු අනුවර්ත නාමයකින් ප්‍රසිද්ධව සිටි පැලවත්තේ චමින්ද, ඇතුළු තිදෙනෙකු 31 වෙනිදා සවස පොළොන්නරුව සිරිපුර පලුදෙනිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බව සිරිපුර පොලිසිය කියයි.
කොළඹ කළුබෝවිල සිට පොළොන්නරුව ප්‍රදේශයේ ඇතුළු ප්‍රදේශ රැසකට හෙරොයින් සහ අයිස් බෙදාහැරීමේ ප්‍රධාන ජාවාරම්කරුවකු බවත්, ඔහු අවස්ථා කිහිපයකදීම පොළොන්නරුවට පැමිණ සිටියදි අත්අඩංගුවට ගැනීම සඳහා රැකවල් යොදා සිටියද එය ව්‍යාර්ථ වූ අතර මෙම ජාවාරම්කරුවා තවත් හෙරොයින් ජාවාරම්කරුවන් තිදෙනකු සමග සිරිපුර පළුදෙණිය නිවසක රැඳී සිටියදි අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව සිරිපුර වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.එස්.අයි. රාජපක්ෂ මහතා අප කළ විමසීමකදි සඳහන් කළේය.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් සහ වෙහෙසක් දැරීමට සිදු වු බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීමට යෑමේදී රැඳී සිටි නිවසේ වහල මත නැග බිමට පැනයක් පලා යෑමට උත්සාහ ගත් බවද පොලිසිය කියයි.
ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගන්නා විට ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් පහයි මිලි ග්‍රෑම් පන්සියක, ප්‍රමාණයක්ද අනිත් සැකකරුවන් තිදෙනා සතුව හෙරොයින් මිලි ග්‍රෑම් 40 බැගින් තිබුණු බවද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීවේය.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පොළොන්නරුව ඇල්ලේවැව ප්‍රදේශයේ පදිංචි අතර අනෙත් සැකකරුවන් ඇල්ලේවැව සහ සහ සිරිපුර පළුදෙණිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 ත් 30 ත් අතර වයසේ පසුවන්නන් බවද ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන සිරිපුර පොලිසිය සඳහන් කරයි.
ප්‍රධාන සැකකරුට අරලගන්විල පොලිසියේ විවෘත වරෙන්තු තුනක් තිබී ඇති අතර වසර ඔහු වසර ගණනාවක්ම පොලිසිය මඟ හරිමින් විවිධ ප්‍රදේශවල සැඟව සිට ඇත.
ඔහු ප්‍රධාන වශයෙන් කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටිමින් පොළොන්නරු ඇතුළු ප්‍රදේශ රැසකට හෙරොයින් සහ අයිස් බෙදා හැරී පුද්ගලයකු බවට මේ වනවිට කරන ලද පරීක්ෂණවලින් හෙළි වී ඇති බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අධිකරණ නියෝග මත දින කිහිපයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවද සිරිපුර පොලිසිය කියයි.
සෙසු සැකකරුවන් තිදෙනා 01 දෙහිඅත්තකන්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද සිරිපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.එස්.අයි. රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීවේය.
මනම්පිටිය නිමල් ජයරත්න