පොළොන්නරුව ඉපැරණි ඇතුළු නගරයේ පරාක්‍රමබාහු මාලිගය පරිශ්‍රය තුළ ප්‍රථම වරට ලයිඩා තාක්ෂණය උපයෝගි කර ගනිමින් සිදු කරන ලද පර්යේෂණයකින් උද්‍යාන සහිත නටබුන් කලාපයක් සොයා ගැනීමට හැකි වූ බව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා අනාවරණය කළේය.
මේ අනුව ඉපැරණි පරාක්‍රමබාහු මාලිගයේ සිට උතුරු දොරටුව දක්වා පොකුණු මාර්ග සහිත උද්‍යාන භූමියක නටබුන් දිස්වන උද්‍යාන භූමියක නටබුන් දැකගත හැකි වන බව ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.
මෙම ලයිඩා තාක්ෂණයේ විශේෂත්වය වනුයේ ඉතාමත්ම ඝන කැලෑවක තිබෙන පුරා විද්‍යාත්මක නටබුන් මීටර් තුනක් පොළොව යට නිරීක්ෂණය කර බැලීමට හැකි වීම බව බව ඒ මහතා මෙහිදී කරුණු අනාවරණය කළේය.
ඕස්ට්‍රේලියාවේ ලාට්‍රොප් විශ්ව විද්‍යාලය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික අරමුදල සහ කැලණිය විශ්වවිද්‍යාලය ඒක්ව මසක පමණ කාලයක සිට මෙහි කැණීම් කටයුතු සිදු කරන අතර මෙමගින් චීන කාසි සහ චීන යුගයේ භාවිතා කරන ලද මැටි බඳුන් ද පරාක්‍රමබාහු රජ මාලිගය පරිශ්‍රය තුළ සිදු කරන ලද කැණීම් තුළින් සොයා ගත් බව ඒ මහතා පැවසිය.
මේ අනුව චීනයේ දහය සහ 12 වැනි සියවස් වලට අයත් සෝන් යුගයේ චීන කාසි බවද ඒ මහතා කීය.
පොළොන්නරුව යුගයට වඩා අතීතයක් පුරාතනයක් ජනාවාස යුගයක් තිබුණු බවට මෙසේ හමුවූ මැටි බඳුන් කැබලි තුළින් අනාවරණය වනු ඇතැයි ඒ මහතා තවදුරටත් කීය
හමුව ඇති චීන කාසි පබලු සහ මැටි බඳුන්වල කාල නිර්ණය කිරීම සඳහා විද්‍යාගාර පර්යේෂණ සඳහා තවදුරටත් යොමු කළ යුතු බවද ඒ මහතා සඳහන් කළ අතර ඉතිහාසයේ චීනය සහ ශ්‍රී ලංකාව අතර දැඩි ජාත්‍යන්තර වෙළඳ සම්බන්ධතා තිබුණු බවට ඉතිහාස පොතපතේ සඳහන් කරුණු පොළොන්නරුව යුගයේදී සාක්ෂි තවදුරටත් ඔප්පු වන බවද ඒ මහතා අවධාරණය කළේය.
මහාචාර්ය ප්‍රිෂාන්ත ගුණවර්ධන මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ජී.පී.ආර්. තාක්ෂණය (පොළොව ස්කෑන් කිරීම තුළින්)ලබා ගත් පුරා විද්‍යාත්මක සාධක සහ ලයිඩා තාක්ෂණය ඔස්සේ ලබාගත් සාධක පුරාවිද්‍යාත්මක සාධක වලට සමාන බවය.
ඕස්ට්‍රේලියාවේ ලාට්‍රොප් විශ්වවිද්‍යාලයේ සහකාර අධ්‍යක්ෂක ආචාර්ය කිය ස්ට්රික්ලන් මහතා ඇතුළු විදෙස් විශ්ව විද්‍යාල ශිෂ්‍ය කණ්ඩායමක් එක්ව සිටි.