අද උදෑසන 6 ට කොළොන්නාව සහ මිතුරරාජවෙල පර්යන්තවල ඉන්ධන බෙදා හැරීම ආරම්භ කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව මේ සඳහා තවදුරටත් සහාය වනු ඇති බවත් ප්‍රමාණවත් ඉන්ධන තොග රට තුළ තිබෙන බවත් අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
ඇතැම් ඉන්ධන පිරවුම්හල් අප්‍රේල් මස මිල සංශෝධන අපේක්ෂාවෙන් ඇනවුම් කර නොමැති බව අවධානයට ලක්ව ඇතැයිද ඔහු පවසයි.
ඉන්ධන පිරවුම්හල් ක්‍රියාකරුවන්ට ඔවුන්ගේ ඇණවුම් ලබා දීමට සහ අවශ්‍ය අවම තොග පවත්වා ගැනීමට ඉල්ලා සිටින බවත් අමාත්යවවරයා වැඩිදුරටත් සඳහන් කරයි.