වාහන සොරකම් කිරීම්, රත්රන් භාණ්ඩ සොරකම් කිරීම හා ගෙවල් බිඳුම්වලට සම්බන්ධ සැකකරවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන්කරයි.
මේ මස 01වන දින සිට ඉදිරි මාස තුනක කාලයක් තුළදී මෙම මෙහෙයුම් සිදුකරන බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මීට අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙන බවත් මේ අනුව පොලිස් ස්ථානවල සිටින පොලිස් නිලධාරීන්ගෙන් සියයට හැටකට ආසන්න ප්‍රමාණයක් හෝ උපරිම ප්‍රමාණයක් යෙදවීමට උපදෙස් ලබා දී තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහල් තල්දූව මහතා සඳහන් කළේය.
මෙම මෙහෙයුම්වලට අනුව මන්නා පිහි පෙන්වා යතුරුපැදි කොල්ලකා එම යතුරුපැදිවලින් ගොස් කාන්තාවන්ගේ රත්රන් භණ්ඩ කොල්ලකන ලද සැකකරුවෙකු මාල 19ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙන බවදපවසා සිටියේය.
පසුගිය කාලසීමාව තුළ නුගේගොඩ, පානදුර, කළුතර පොලිස් කොට්ඨාසවල මන්නා පිහි පෙන්වා යතුරුපැදි පැහැරගෙන ගොස් කාන්තාවන්ගේ රත්රන් මාල කොල්ලකෑමේ සිද්ධීන් වාර්තා වූ බවත් සැකකරුවන් කිහිපදෙනෙකු විසින් මේ ආකාරයට කටයුතු කර තිබෙන බවද පවසා සිටියේය.
මෙම පිරිස් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් යොදවා තිබෙන බවත් මේ අනුව මොරටුව මූලස්ථාන පොලීසිය විසින් එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් මොහු භාරයේ තිබී මාල 19ක් සොයාගෙන තිබෙන බවත් පොලිස් වසම් ලෙස සැලකීමේදී මහරගම, කැස්බෑව, පිළියන්දල, ගල්කිස්ස, මාලඹේ, බොරලැස්ගමුව, බණ්ඩාරගම, මිල්ලනිය, තෙබුවන පොලිස් බල ප්‍රදේශවල මෙම කොල්ලකෑම් සිදුවී තිබෙන බවද පැවසීය.
මෙවැනි ප්‍රදේශයකදී මන්නා පිහියක් පෙන්වා රත්රන් මාල කොල්ලකෑමකට ලක්වූවා නම් මොරටුව මූලස්ථාන පොලීසියට ගොස් පරික්ෂා කර බැලිය හැකි බවත් එක් යතුරුපැදියකින් එක් කොල්ලකෑමක් සිදුකර තිබෙන බවට තහවුරු වී තිබෙන බවත් අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ආරම්භ කර තිබෙනබවද පවසා සිටියේය.