රත්නපුර පොලිසිය තුලදි පුද්ගලයෙකුට පිහියකින් ඇන තුවාල සිදු කිරිම මත සිද්ධියට අදාල කාන්තාව පොලිසිය විසින් අත් අඩංගුවට ගත්බව රත්නපුර පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර යටිකඳුරාව පිටවත්ත දෑල පදිංචි අවුරුදු 42 ක් වන කාන්තාවක් බව පොලිසිය පවසයි.
පසුගිය 2 වන දින සවස රත්නපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙක පවුල් ආරවුලක් සම්බන්ධව පැමිණිල්ලක් කිරිමට පැමිණ ඇති බිරිඳක් සහ පුරුෂයෙකු අතර අදාල පැමිණිල්ල සම්බන්ධව සාකච්ජා කරමින් සිටින අවස්ථාවේදි බිරිඳ යයි කියන කාන්තාව විසින් පුරුෂයාට පිහියකින් ඇන ඇති බවත් පසුව මෙම කාන්තාව අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පිහියා ඇනුමට ලක්වු මාරපන ගල්ඉන්න ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු රත්නපුර රෝහලේ 7 වාට්ටුවේ දැනට නේවාසිකව ප්රතිකාර ලබන බව පොලිසිය පවසයි.
සිද්ධියට අදාල සැකකාරිය අද 3 දින අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
රත්නපුර මුලස්ථාන පොලිස් පරික්ෂක කමල් අබේසිරි මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශය විසින් සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරික්ෂණ පැවත්වේ. ( I J )
ඒ.ජි.වික්රමසිංහ