"අපිට හරි දුකයි රස්සාව නැති වෙන එක ගැන, කියලා නිම කරන්න බෑ මේ රස්සාවෙන් ගන්න පුළුවන් හැමදේම අපි ගත්තා. ආදර්ශ ගත්තා .ඒ දේවල් ආයෙමත් අපිට කාගෙන්වත් ලබාගන්න බෑ. මේ රස්සාවේ තියෙන වටිනාකම දන්නේ රස්සාව කරන මනුස්සයා විතරයි. වැඳලා උනත් ඉල්ලනවා අපේ රස්සාව නැති කරන්න එපා" යැයි බණ්ඩාරගම බද්දෙගොඩ ත්‍රිරෝද රථ අමතර කොටස් නිෂ්පාදන ආයතනයක සේවය කරන එකම පවුලක නිවුන් සහෝදරියන් තිදෙනෙකු වැටෙමින් පැවසුවාය
ඔහුන් නමින් ලසන්තිකා විමර්ශනී , ත්රිසන්තිකා විමර්ශනී හා රිසන්තිකා විමර්ශනීය. ඔවුන් අම්පාරේ පදිංචි කාරියන්ය
ත්රිසන්තිකා විමර්ශනී මෙසේ ද පැවසුවාය,
අපිට යන එන මං නැහැ. අපේ අම්ම තාත්ත පවා මේ රස්සාවෙන් තමයි ජීවත් වෙන්නේ. අපේ රස්සාවක් හරි නැති කළොත් අපිට ඉන්න තැනක් නැති වෙනවා.යන එනමන් අපිට නැති කරන්න එපා
ලසන්තිකා විමර්ශනී මෙසේ පැවසුවා
"තාත්තා ඔපරේෂන් තුනක් කරලා ඉන්නේ ,තාත්තට කිසිම වැඩක් පළක් කරගන්න බැහැ.අම්මත් කුඹුරු කරලා තමයි ජීවත් වෙන්නේ.අපි සේරම කුඹුරු කරලා ජීවත් වෙන්නේ.කුඹුරු ටිකත් කරගන්න බැරි උනොත්. ඒවට බෙහෙත් පොහොර පවා සල්ලි වලටයි ගන්නේ. ඒවා ගන්නත් සල්ලි නැහැ. ඒ හින්දම තමයි අපි තුන්දෙනාම මේ රස්සාවටට ආවේ හොඳට ගෙයක් දොරක් හදාගෙන අම්මයි තාත්තයි සතුටින් තියන්න ඕනි හින්දයි.
ආයතනය අයිති මහත්තයා අපිට දෙවියෙක් වගේ සලකනවා. ඉඳුම් හිටුම් වගේම අපේ සියලු ඕනෑ එපාකම් හොයලා බලනවා. අපි තාත්තා කෙනෙක් ගාව ඉන්නවා වගේ රැකවරණයක් අපිට ලබා දෙනවා.අද ඒ මහත්තයත් අසරණයි."
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොලිස් දෙපාර්තමේන්තුව මගින් ත්‍රීරෝද රථවල සහ බස් රථවල අමතර උපාංග ඉවත් කිරීමේ මෙහෙයුම හේතුවෙන් අමතරව උපාංග නිෂ්පාදන ආයතනයක් පෙරේදා (8) සවස සිට තාවකාලිකව වසාදැමීමට එහි කළමනාකාර අධ්යක්ෂවරයා විසින් පියවර ගෙන තිබිණි
මේ හේතුවෙන් එම ආයතනයේ සේවය කළ තරුණ සේවක සේවිකාවන් අසූ දෙනෙකුට සේවය අහිමි වී ඇතැයි දැනගන්නට ඇත.
බණ්ඩාරගම බද්දේගොඩ පිහිටි පැන්ඩා සමුහ ව්‍යාපාර ත්‍රිරෝද රත අමතර කොටස් නිෂ්පාදනය කර දිවයින පුරා බෙදා හැරීම වසර 28 ක කාලයක සිට සිදුකරන අතර ක්ලින් ශ්‍රී ලංකා වැඩසටහන හේතුවෙන් එම උපාංග මිලදී ගැනීම වෙළඳසැල් හිමියන් ප්‍රතික්ෂේප කිරීමත් සමගම නිෂ්පාදන කටයුතුද නතර කෙරිණි
ඒ හේතුවෙන් තරුණ කාලයේ සිට වසර ගණනාවක් එම ආයතනයේ සේවය කළ සේවක සේවිකාවන් යන එන මං නොමැතිව අනාථ තත්ත්වයකට පත්ව ඇති අතර හෙටක් ගැන බලාපොරොත්තුවක් නොමැතිව ඔවුන් මානසිකව දැඩි පීඩාවට ලක්ව ඇති බව ඔවුන් සමග කළ කතාබහේදී දැක්වූ අදහස් වලින් වැටහිණි
මේ පිළිබඳ අදහස් දැක්වූ එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක එල් ජි පි එස් අතුල මහතා මෙසේ පැවසීය,
මම මේ ආයතනයේ ගොඩනැංවූයේ තනියෙන්.වර්තමානය වන විට අසූ දෙනෙකුට රැකියා දෙන්න පුළුවන් උනා
මේ වන විට බැංකු වල පොලි අනුපාතයේ ඉහල දැමීම නිසා ලබාගත් ණය ගෙවාගැනීමට නොහැකි ලෙස ඉතාමත් අපහසුතාවයට පත්වෙලා තියෙන්නේ
ඒ බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහත්වරු සමග සාකච්ඡා කොට ඔවුන්ට ඒ පිළිබඳ ඇති අපහසුතාවය පවසා සිටියා
එතුමන්ලා සාවදානව ගැටලුවට සවන් දී සති දෙකකින් සාධාරණ පිළිතුරක් ලබා දෙන බවට මට පොරොන්දු වුණා
බැංකු ගනුදෙනු පිළිබඳ ලිපි මගෙන් ඉල්ලා සිටියත් එම ලිපි මට මෙතෙක් බැංකුවලින් ලැබුණේ නැහැ. එම වාතාවරණය මැද තීරෝද රත අමතර උපාංග ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ. ඉවත් කිරීමේ කටයුතු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කළ නිසා මගේ නිෂ්පාදන කටයුතු දිවයින පුරා සිටින වෙළඳ නියෝජිතයින් ලබා ගැනීම ප්‍රතික්ෂ කිරීමේ තත්ත්වයකට පත්වුණා
එම වාතාවරණය මත බැංකු ණය ගෙවීම සේවක වැටුප් ගෙවීමේ ගැටළුවට මා මුහුණ දුන්නා.ඒ හේතුවෙන් තාවකාලිකව මාගේ ආයතනය වසා දැමීමට මට අකමැත්තෙන් උනත් පියවර ගන්න සිදුවුණා. මගේ ගැටළුවට සාධාරණ විසඳුමක් ලැබෙනු ඇතැයි මා අපේක්ෂා කරනවා.