දිවයිනේ සියලු පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් 22000 ක හිගයක් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
පසුගිය කාලයේ රටේ පැවති අයහපත් ආර්තික වාතාවරණය හමුවේ නව බඳවාගැනීම් සිදුකර ගැනීමට නොහැකිවීම මෙයට හේතුවූ බවද අමාත්‍යවරයා කීය.
ලබන වසර වන විට නව බඳවා ගැනීම් සිදුකර මෙම නිලධාරී හිගය පියවා ගැනීමට අපේක්ෂිත බවත් ටිරාන් අලස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අලස් මහතා මේ බව පැවසුවේ පොලීසිය මගින් නීතිය සාමය සුරැකීමේ කටයුතුවලදී අවශ්‍ය සහයෝගය ලබා ගැනීම සඳහා සෘජුවම සම්බන්ධකර කර ගැනීමට දිවයිනේ සෑම පොලිස් වසමකින්ම දෙදෙනෙකු බැගින් තෝරාගත් සිවිල් පුරවැසියන් පිරිසක් දැනුම්වත් කිරීම සඳහා අද(17) සවස ජයවර්ධනපුර මොනාච් ඉම්පීරියල් හෝටලයේදී පැවති සම්මන්ත්‍රණයකදීය.