අධිකරණයෙන් දෙන නියෝග අනුව වරෙන්තුකරුවන් අත්අඩංගුවටගෙන උසාවියට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු නොකරන්නේ නම් යළි වරෙන්තු නිකුත් කිරීමෙන් පලක් නොමැති බව පෙන්වා දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා නඩුවක සාක්කිකරුවකු වු උප පොලිස් පරීක්ෂවරයකුට වරෙන්තු නිකුත් කරන්නැයි නීතිපතිවරයා කළ ඉල්ලීම ඊයේ (17) ප්රතික්ෂේප කළේය.
නඩුවල පැමිණිල්ලේ සාක්කිකරුවන් අධිකරණයට ගෙනඒම පැමිණිල්ලේ වගකීම බව අවධාරණය කළ විනිසුරුවරයා පොලිසිය අධිකරණ නියෝග ක්රියාත්මක නොකරන රට යන්නේ කොහේටද? යනුවෙන් ප්රශ්න කළේය.
සුදුවෑන් රථයකින් පැමිණී නාදුණන පිරසක් 2023 වසරේ මාතර වැලිගම ප්රදේශයේ ‘ඩබ්ලිව් 15’ හෝටලයට වෙඩි ප්රහාරයක් එල්ල කිරීමේදී වැලිගම පොලිසියේ නිලධාරීන් එල්ල කළ ප්රහාරයකින් කොළඹ අපරාධ කොට්ඨාශයේ සැරයන්වරයකු මියයෑමේ සිද්ධියට අදාළව පැවැත්වු මහෙස්ත්රාත් පරීක්ෂණයෙන් අනතුරුව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් මාතර මහේස්ත්රාත්වරයා වරෙන්තු නිුත් කර ඇති අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ඇතු`ථ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අතර සිටින උප පොලිස් පරීක්ෂක මධුරංග නමැති නිලධාරියා, නඩුවක සාක්කිදීම සඳහා අධිකරණයට නොපැමිණීම හේතූවෙන් මහාධිකරණ විනිසුරුවරයා එලෙස ප්රශ්න කළේය.
හෙරොයින් ග්රෑම් 41.81 සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමට එරෙහිව කළුපහනගේ මංගලිකා නමැති විත්තිකාරියට එරෙහි නඩුව කැඳවූ අවස්ථාවේදී එම නඩුවේ ප්රධාන සාක්ෂිකාර උප පොලිස් පරීක්ෂක මධුරංග නමුත්තා අධිකරණයේ පෙනී නොසිටියේය.
ඒ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා කරුණු දක්වමින් නඩුවේ සාක්කිදීම සඳහා අධිකරණයට නොපැමිණි සාක්කිකරුට එරෙහිව වරෙන්තු නිකුක් කරන්නැයි ඉල්ලා සිටියේය.
ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ විනිසුරුවරයා මෙම සාක්ෂිකරුට වෙනත් අධිකරණයකින් වරෙන්තු නිකුත් කර ඇත්ද? යනුවෙන් විමසා සිටියේය.
ඊට ප්රතිචාර දැක්වූ රජයේ නීතිඥවරයා ඒ පිළිබඳ තමන්ගේ දැනුවත් භාවයක් නැතැයි කීය.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිව්මන් හෙන්රි මහතා කරුණු දක්වමින් වැලිගම ප්රදේශයේ ‘ඩබ්ලිව් 15’ හෝටලයට වෙඩි ප්රහාරයක් එල්ල කිරීමේදී වැලිගම පොලිසියේ නිලධාරීන් එල්ල කළ ප්රහාරයකින් කොළඹ අපරාධ කොට්ඨාශයේ සැරයන්වරයකු මියයෑමේ සිද්ධියට අදාළව පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ඇතු`ථ අත්අඩංගුවට ගන්නා ලෙස නියම කළ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අතර මෙම උප පොලිස් පරීක්ෂකවරයාද සිටින්නේ යැයි කීය.
මහාධිකරණ විනිසුරුවරයා අධිකරණය අමතමින් අධිකරණය නිකුත් කරන ලද නියෝග පොලිසිය ක්රියාත්මක කරන බව පෙනී නොයන තත්ත්වයක් තුළ නියෝග නිකුත් කිරීමෙන් පලක් තිබේදැයි ප්රශ්න කළේය.
තමන් මීට පෙර පොලිස් ස්ථානාධිපතිවරයෙකුට එරෙහිව වරෙන්තු නිකුත් කර ඇතත් අදවනතුරුත් අදාළ වරෙන්තු ක්රියාත්මක කිරීමක් හෝ කරුණු දැක්වීමක් කර නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරයා පොලිසිය මෙලෙස නීතිය ක්රියාත්මක නොකර රට ගෙනියන්නේ කොහේටදැයි ප්රශ්න කළේය.
සාක්කිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමේ වගකීම පැමිණිල්ල සතු බව පෙන්වා දුන් විනිසුරුවරයා නඩු විභාගය අප්රියෙල් 24 වැනිදාට කල් තැබුවේය.
සචිත්ර ගුණසේකර