යුක්තිය මෙහෙයුම යටතේ මේ වනවිට පාතාල ක්රියාකාරීන්ගේ නිවැරදි තොරතුරු රැස්කර හමාර බවත් ඒ අනුව ඒ හැමදෙනාම නීතියේ රැහැනට කොටුකර ගන්නා බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (13) පිටිගල හොරන්ගල්ලේදී පැවසීය.
ඉදිරියේදී මේ වගේ අවාසනාවන්ත ඝාතන සිද්ධීන් දකුණු පළාතේ ඇතිවන්න ඉඩ නොතබන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පිටිගල හොරොන්ගල්ල වෙලද සලක් තුළට ඩේටා කාඩ් එකක් ගන්න ගොස් නාදුනන තුවක්කුකරුවන්ගේ වෙඩි පහරට ලක්ව මිය ගිය විසිහය හැවිරිදි කවීෂ අංජනගේ මෘත දේහයට ගෞරව දැක්වීමට පැමිණීමෙන් අනතුරුව මාධයයට අදහස් දක්වමින් අද (13) කීවේය.
පිටිගල හොරන්ගල්ල වෙලද සලට බඩු ගන්න පැමිණි අහිංසකයින් දෙදෙනෙකු බිලිගෙන තවත් තිදෙනෙකු තුවාල ලැබීමට සැලැස්වූ නාදුනන තුවක්කුකරුවන් ළගදීම නීතියේ රැහැනට කොටුකර ගන්නා බවද පැවසූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරියේදී මෙවැනි වෙඩි තැබීම් සිදු නොවන ආකාරයට වග බලා ගන්නා බවද කීය.
විදේශගතව සිටින පාතාල කණ්ඩායම් හදුනාගෙන ඇති බවත් ඔවුනගේ මෙරට නියෝජිතයින්ද හදුනාගෙන ඇති බවද දේශබන්දු තෙන්නකෝන් මහතා මෙහිදී කීවේය.
කරන්දෙණිය එම්.සුසිල් පියන්ත සහ ඇත්කදුර ජනක් ද සිල්වා